preloader

දෙපාර්තමේන්තුවෙන් පුරවැසියාට

ගරු. සාමාජික නිර්ණායක පදනම් කරගත් විමධ්‍යගත අරමුදල්

***** පළාත් සභා අමාත්‍යවරුන් සහ මන්ත්‍රිවරුන් සඳහා උපමාන පාදක ප්‍රදාන යටතේ විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම. උපමාන පාදක ප්‍රදාන යටතේ පළාත් සභා සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහ නගර සභාව, ප්‍රාදේශිය සභා, හා පළාත් සභාවේ ආයතන මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දීම මෙම වැඩසටහන මඟින් සිදු කරනු ලැබේ.

පළාත් සභාවේ අදාල අමාත්‍යවරුන් සහ මන්ත්‍රිවරුන්ගේ යෝජනාවන්ට අනුව මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙනු ලැබේ.

පහත සඳහන් ක්ෂේත්‍රයන් සදහා අනුමැතිය ලබා දෙනු ලැබේ.

  • ස්වයං රැකියා අවස්ථා උත්පාදනය සඳහා

  • ආර්ථික හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා

  • සමාජ ආර්ථික හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

  • වාරිමාර්ග හා කෘෂිකාර්මාන්තය සංවර්ධනය සඳහා

  • සංස්කෘතික හා ක්‍රිඩා කටයුතු සංවර්ධනය සඳහා

***** රැකියා විරහිත උපාධිධාරින් ලියාපදිංචි කිරිම.