preloader

ප්‍රධාන ක්‍රියාකාරකම්

01.පළාත් සැලසුම් මණ්ලය බලගැන්වීම සහ පළාත සදහා දීර්ඝකාලීන හා මධ්‍යකාලීන සැලසුමක් පිළියෙල කිරීම.

02.වර්ෂය සදහා ක්‍රියාකාරී සැලසුමක් පිලියෙල කර එය ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය ඇගයීම හා අපේක්ෂිත ඉලක්ක ලගාකර ගැනීම.

03.සංවර්ධන සැලසුම් සදහා දත්ත රැස්කිරීම, පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීම.

04.සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම.

05.පළාත් සංවර්ධන සැලැස්ම පිළියෙල කිරීම, ප්‍රගතිය ඇගයීම, හා ඉලක්කයන් කරා ලගාවීම.

06.මහජනතාවගේ, පෞද්ගලික අංශයේ, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ වල අදහස් ලබාගැනීමෙන් නව ව්‍යාපෘති හදුනාගැනීම, ඇගයීම හා තක්සේරුව.

07.විදේශාධාර හා ණය ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

08.ආංශික සැලසුම් හා ආයතනික සැලසුම් පිලියෙල කිරීම හා ඒ සදහා ආයතන වලට සහාය වීම.

09.අමාත්‍යංශ හා දෙපාර්මේන්තු සැලසුම් ඒකක මෙහෙයවීම හා සම්බන්ධීකරණය.

10.ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් රැස්කර ගැනීම හා පළාත් සැලසුම් සදහා අදාල කර ගැනීම.

11.රජයේ ආයතන සමග සැලසුම් කටයුතු පිළිබද සම්බන්ධීකරණය.

12.අනෙකුත් පළාත් සභා සැලසුම් දෙපාර්තමේන්තු සමග කටයුතු කිරීම.

13.සැලසුම් වලට අදාල මුදල් කොමිෂම, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීම.

14.සංවර්ධන සැලසුම්කරණය හා ඊට අදාළ විෂයයන් පිළිබදව සම්පත්දායකත්වය ලබාදීම.

15.පළාතේ වෙබ් අඩවිය විධිමත්ව පවත්වාගෙන යාම.

16.පළාත් පරිගණක පුහුණු මධ්‍යස්ථානය විධිමත්ව පවත්වාගෙන යාම.

17.ප්‍රධාන අමාත්‍යවරයාට, අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට හා ප්‍රධාන ලේකම්ට සැලසුම් කටයුතු සදහා සහාය වීම.