Media
Department of Provincial Planning and Monitoring
North Central Province
Latest Updates
11 August 2026
2026 වර්ෂයට අදාල උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්මට අදාලව මේ දක්වා වූ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්ගේ හා අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන ), සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන ) හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026.08.11 දින උතුරු මැද පළාත් සමුපකාර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.මෙහිදි ඒ ඒ අමාත්‍යාංශ වලට අදාල සියලු ව්‍යාපෘතින් පිළිබද ප්‍රගතිය ප්‍රා.ලේ කොට්ඨාස මට්ටමින් සාකච්ඡාවට ලක්විය .
f
View on Facebook
20 July 2026
====සංවර්ධන සැලසුම් මෙහෙයුම්කරණ පද්ධතිය (Development Plan Monitoring System) අන්තර්ජාලයට මුදාහැරීම ====
උතුරු මැද පළාත් සභාවේ සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද, සංවර්ධන සැලසුම් මෙහෙයුම්කරණ පද්ධතිය (Development Plan Monitoring System) අන්තර්ජාලයට මුදාහැරීම පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
http://dpms.nc.gov.lk/db යන ලිපිනය ඔස්සේ මෙම පද්ධතියට පිවිසිය හැකි අතර, උතුරු මැද පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරන සියලු සංවර්ධන ව්‍යාපෘති, මූල්‍ය හා භෞතික ප්‍රගතියට අදාල තොරතුරු මෙම පද්ධතිය මගින් ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම පද්ධතියේ ව්‍යාපෘති තොරතුරු කළමණාකරණය හා තොරතුරු ඇතුළත් කිරීම අදාල අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල පුහුණුවලත් නිලධාරීන් විසින් සිදුකෙරේ.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලේකම්වරුන්, පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, අධ්‍යක්ෂ(ක්‍රම සම්පාදන),සහකාර අධ්‍යක්ෂ(ක්‍රම සම්පාදන) හා සැලසුම් දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිළධාරි චාමික මහතා, සහකාර ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, සැලසුම් අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක් එක්වූහ.
f
View on Facebook
4 June 2026
2026 වර්ෂයට අදාල උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්මට අදාලව මේ දක්වා වූ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්ගේ හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන ), සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන ) හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026.05.27 දින උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ පැවැත්විණ.
f
View on Facebook
30 April 2026
2026 වර්ෂයට අදාල උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්මට අදාලව මේ දක්වා වූ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් උතුරු මැද පළාතේ ගරු ආණ්ඩුකාරතුමන්ගේ හා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමන්ගේ මුලිකත්වයෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානින් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026.04.06,07 සහ 09 යන තෙදින තුල උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
f
View on Facebook
10 February 2026
ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සහය දක්වනු ලබන උතුරු මැද පළාතේ දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව එම ආයතනයේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් 2026/02/09 දින පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේදී පැවැත්විය.
මේ සඳහා සමුපකාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ,කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති, කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) හා සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සහභාගි විය.
මෙම සාකච්ඡාව උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.ජී.දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
f
View on Facebook