Digital Project Management System
Monitor and manage provincial development projects through the Digital Project Management System.
Access DPMS →An Optimum Financial Management, a Developed Province.
Access our digital services and online systems quickly.
Monitor and manage provincial development projects through the Digital Project Management System.
Access DPMS →Complete your graduation registration online through the official registration form.
Register Now →Development fund allocation and expenditure overview from the Digital Project Management System.
Latest news and announcements from the Planning and Monitoring Department.
f
ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සහය දක්වනු ලබන උතුරු මැද පළාතේ දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව එම ආයතනයේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් 2026/02/09 දින පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේදී පැවැත්විය.\n\nමේ සඳහා සමුපකාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ,කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ,කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති, කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) හා සහකාර අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) සහභාගි විය.\n\nමෙම සාකච්ඡාව උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.ජී.දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
View on Facebook →
f
උතුරු මැද පළාත් කර්මාන්ත සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ - 2026.10.28 උතුරු මැද පළාතේ කාර්මික අංශය නව මානයකට යොමු කරමින්, කර්මාන්ත සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ මූලික කෙටුම්පත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින (ඔක්තෝබර් 28) උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ. පළාතේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ දේශීය මෙන්ම විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින් මෙම කර්මාන්ත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය. සාකච්ඡාවේදී මූලික කෙටුම්පතෙහි අඩංගු ප්‍රධාන යෝජනා, පළාත තුළ පවතින කාර්මික විභවයන් (විශේෂයෙන් කෘෂි පදනම් කරගත් කර්මාන්ත සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත - MSME) සහ ජපන් ආයතනවල තාක්ෂණික හා මූල්‍යමය දායකත්වය ලබාගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර ඉදිරි ක්‍රියාමාර්ග සහ සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටද මෙහිදී එකඟතාව පළ විය.
View on Facebook →
f
පාංශු සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීව උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන පාංශු සංරක්ෂණ වැඩසටහන් උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඇලයාපත්තුව කෘෂිකර්ම කොට්ඨාසයේ ඉලන්දගහවැව ප්‍රදේශයේදී පසුගියදා ආරම්භ කෙරිණි. මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි බිම් අක්කර 1500 ක පාංශු සංරක්ෂණය සඳහා රුපියල් ලක්ෂ 450 ක මුදලක් වැය කරනු ලබයි. ඉන්දගහවැව ප්‍රදේශයේ පමණක් ගොවි බිම් අක්කර 200ක් මේ යටතේ පාංශු සංරක්ෂණය කරනු ලබයි. මේ සඳහා රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් වැය කෙරේ. මෙතෙක් කාලයක් ගොවි ජනතාව හේන් වගාවක් වශයෙන් තම ඉඩම්වල යල කන්නයේ කළ වගාවන් මහා කන්නයේ බඩ ඉරිඟු වගාවන් සිදු කරනු ලැබීය.මේ බඩ ඉරිගු වගාවන් ට්රැක්ටර්වලින් හානු ලබන අතර, එම හාපු බිම මහවැසි ඇද හැලීමත් සමඟ පස සෝදාගනෙ ගොස් ප්‍රදේශයේ කුඩා වැව් පිරී යයි. මේ හේතුව නිසා එම වැව් ගොඩවීමත් පස සෝදා පාළුවට ලක්වීම හේතුවෙන් ගොවිතැන සඳහා නිසරු බිමක් ඉතිරි වීමත් සිදුවේ. මෙම හානිදායක ක්‍රමය මෙතෙක් කාලයක් සිදුවීම නිසා එම හානිය නතර කිරීමට පිළියමක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ජාතික මට්ටමින් මෙම පාංශු සංරක්ෂණ ක්‍රමය හඳුන්වා දී ඇත. මෙමඟින් පස් වැටි යෙදීම හා කාණු කැපීම මගින් පස සෝදා යාම වලක්වනු ලබන අතර එම පස් වැටිවල හා කානුවල ජල පාලන ක්‍රම යොදාගෙන වට්ටක්කා,කැකිරි,ගස්ලබු,පුවක්,පොල් ආදී ඕනෑම බෝගයක් වගා කිරීම සිදු කරනු ලැබේ. මෙම පස් වැටි හා කාණු මගින් පස සෝදා පාළුව වලක්වා පාංශු ජලය වැඩිකර ගැනීමේ හැකියාවද වර්ධනය වේ. මෙම ක්‍රමය ගොවි ජනතාවට හඳුන්වා දීමෙන් පාංශු සංරක්ෂණයට අමතරව භෝග සැලැස්මද ලබාදීම සිදු කරයි. ඒ අනුව මෙතෙක් කාලයක් හේන්වගාව මගින් කෘෂි කර්මාන්තයේ යෙදුනු ගොවිජනතාව ඉන් ඔබ්බට ගමන් කර " තිරසර කාබනික ගොවි සැලැස්මකට " යොමුකොට අනාගත කෘෂි බෝග සැලැස්මක් මගින් ගොවි ව්‍යවසායකයන් බවට පත්කිරීමේ හැකියාව ඇතිවේ. මේ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමනේතුව 50%ක දායකත්වය දරණ අතර, ගොවීන් 50% ක දායකත්වයක් දැරිය යුතුය. සාමාන්‍යෙයන් අක්කරයක මෙම පාංශු සංරක්ෂණ ක්‍රමය යෙදීම සඳහා රුපියල් 60000ක පමණ මුදලක් වැය වන අතර, එයින් 50% යනු රුපියල් 30000 ක මුදලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබාදේ. මෙම අවස්ථාවට මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය සභාවේ උපසභාපති මනෝරි අප්සරා, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුභාජිනි මදියගලන්, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ (ව්‍යාප්ති) ගයානි රත්නායක, නියෝජ්‍ය අධ්යක්ෂ සැලසුම් ඩි.බි.දිසානායක සහකාර අධ්යක්ෂ සැලසුම් තිළිණි ධර්මසේන කෘෂිකර්ම උපදේශකවරුන් වන ඉෂාර වර්ණසූරිය, මනෝජ් යන මහත්ම මහත්මීන් සහ ගොවි ජනතාව සහභාගිවිය.
View on Facebook →
f
පලාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ වෘත්තීය දැනුම හා කාර්යාලීය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද කාර්යාල ක්‍රම පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක් 2026.10.30 දින පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය සහකාර කොමසාරිස්තුමියගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුව තුළින් කාර්යාලීය කටයුතු වඩාත් විධිමත්ව, කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසිණි. රාජකාරී කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, වෘත්තීය නිපුණතාව වර්ධනය කිරීමටත් මෙවැනි දැනුම හුවමාරු වැඩසටහන් මහඟු පිටිවහලක් වේ. දැනුමෙන් සන්නද්ධ, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසාp> View on Facebook →
f
2026 වර්ෂයට අදාල උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්මට අදාලව මේ දක්වා වූ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්ගේ හා අධ්යක්ෂ (ක්‍රම සම්පාදන ), සහකාර අධ්යක්ෂ (ක්‍රම සම්පාදන ) හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026.08.11 දින උතුරු මැද පළාත් සමුපකාර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.මෙහිදි ඒ ඒ අමාත්‍යාංශ වලට අදාල සියලු ව්‍යාපෘතින් පිළිබද ප්‍රගතිය ප්‍රා.ලේ කොට්ඨාස මට්ටමින් සාකච්ඡාවට ලක්විය .
View on Facebook →
f
====සංවර්ධන සැලසුම් මෙහෙයුම්කරණ පද්ධතිය (Development Plan Monitoring System) අන්තර්ජාලයට මුදාහැරීම ====\n\nඋතුරු මැද පළාත් සභාවේ සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද, සංවර්ධන සැලසුම් මෙහෙයුම්කරණ පද්ධතිය (Development Plan Monitoring System) අන්තර්ජාලයට මුදාහැරීම පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.\n\nhttp://dpms.nc.gov.lk/db යන ලිපිනය ඔස්සේ මෙම පද්ධතියට පිවිසිය හැකි අතර, උතුරු මැද පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරන සියලු සංවර්ධන ව්‍යාපෘති, මූල්‍ය හා භෞතික ප්‍රගතියට අදාල තොරතුරු මෙම පද්ධතිය මගින් ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම පද්ධතියේ ව්‍යාපෘති තොරතුරු කළමණාකරණය හා තොරතුරු ඇතුළත් කිරීම අදාල අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල පුහුණුවලත් නිලධාරීන් විසින් සිදුකෙරේ.\n\nමෙම අවස්ථාවට ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලේකම්වරුන්, පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, අධ්යක්ෂ(ක්‍රම සම්පාදන),සහකාර අධ්යක්ෂ(ක්‍රම සම්පාදන) හා සැලසුම් දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිළධාරි චාමික මහතා, සහකාර ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, සැලසුම් අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක් එක්වූහ.
View on Facebook →
f
2026 වර්ෂයට අදාල උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්මට අදාලව මේ දක්වා වූ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්ගේ හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) අධ්යක්ෂ (ක්‍රම සම්පාදන ), සහකාර අධ්යක්ෂ (ක්‍රම සම්පාදන ) හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026.05.27 දින උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ පැවැත්විණ.
View on Facebook →
f
2026 වර්ෂයට අදාල උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්මට අදාලව මේ දක්වා වූ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් උතුරු මැද පළාතේ ගරු ආණ්ඩුකාරතුමන්ගේ හා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමන්ගේ මුලිකත්වයෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානින් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026.04.06,07 සහ 09 යන තෙදින තුල උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
View on Facebook →
f
ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සහය දක්වනු ලබන උතුරු මැද පළාතේ දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව එම ආයතනයේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් 2026/02/09 දින පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේදී පැවැත්විය.\n\nමේ සඳහා සමුපකාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ,කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ,කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති, කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) හා සහකාර අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) සහභාගි විය.\n\nමෙම සාකච්ඡාව උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.ජී.දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
View on Facebook →
f
ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සහය දක්වනු ලබන උතුරු මැද පළාතේ දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව එම ආයතනයේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් 2026/02/09 දින පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේදී පැවැත්විය.\n\nමේ සඳහා සමුපකාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ,කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ,කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති, කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි හා පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) හා සහකාර අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) සහභාගි විය.\n\nමෙම සාකච්ඡාව උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.ජී.දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
View on Facebook →Access official information, RTI documents and guidance on requesting information.
View RTI Information →Explore official statistical publications and information for the North Central Province.
View Statistics →